එකෝමත්තෙක කාලෙක [2 කොටස]

අන්තිමට ලියපු කොටස

නෑ මේ කොටස පිරවෙන්නේ මගේ ගෑණිගෙන් නෙමෙයි. මම මෙතන හිටියේ ගෑනිගේ ලෙක්චර්ස් ඉවර වෙනකං. හරිහමන් විදිහට තේරුම් ගත්තේ නැති උනාට මමත් ඔය ලෙක්චර්ස් වලට මීට අවුරුද්දකට විතර කලින් වාඩිවෙලා ඉඳලා තියෙනවා. මම බදාම කෑල්ලක් උඩ ඉන්නකොට එතන පාරේ කෙල්ලෙක් එක්ක ඇවිදගෙන ආවේ මගේ අතිජාත මිත්‍රයෙක්.


උගේ නමින් මිලාන්. අන්වර්ථ නමින් ගත්තොත් මාටින්. ඒ දවස් වල ඉස්කෝලේ ඇතුලේ විදෙන අකුරු වලට අනුව කාලෙන් කාලෙට උගේ නම සාටින්, මූටින්, වාටින් විදියට වෙනස් උනා. ඒ දවස් වල ඉස්කෝලේ ශිෂ්‍යනායකයොන්ට තිබ්බ හමුදා පුහුනුවකදී, හෙන වෙලාවක් පාඩං කියලා දීපු ලොක්කෙක් ක්ලේමෝ බෝම්බයක් අඳුරගන්නේ කොහොමද කියලා ඇහුවම මූ කිව්වේ ඒකේ යට "මේඩ් ඉන් ජැෆ්නා" කියලා තියෙනවයි කියලා. එහෙව් එකෙක් එක්ක හිනා වෙවී කතාකර කර හිටපු එක නවත්තලා මම බැලුවේ හදිසියෙන්ම මගේ ගෑනි එතනට ඇවිල්ලා තිබ්බ නිසා. අඳුන්වාදීම් කටයුතු ඉවර උනාට පස්සේ මිත්‍රයත් යන්න ගියා.

"මොකෝ මෙච්චර ඉක්මනට. ඉස්සෙල්ලා බලද්දිත් ඉවර වෙලා තිබ්බේ නෑ නේද?"

"නෑ අම්මගෙන් කෝල් එකක් ආවා. ඒකයි හදිසියේ ස'ට කියලා ආවේ."

"අර මොකෝ?"

"තාත්තට අසනීපයිලු."

"හුටා. . හුඟක්?"

"හ්ම්ම්ම්.. එහෙමයි කිව්වේ. මාමලා ඇවිත්. ජයවර්ධනපුර අරගෙන ගිහින්."

"හ්ම්ම් අපි යං ඉක්මනට"

වෙනදට වෙන මැණික් හෙවිලි කිසි දෙයක් නොවී අපේ බස් ගමන ගත උනා. ටිකෙන් ටික තෙත් වෙන උර බාහුවෙන් තවත් කට වහගෙන ඉන්න එක හොඳ මදියි කියලා මට හිතුනා. අපි කතා කරා. . . තාත්තව හොඳ කරන විදිහක් ගැණ, අම්මගේ හිත හදන හැටි ගැන, වගේම ලෙඩේට සල්ලි හොයන විදිහ ගැන. හැමදාම ඇඟ හෝදන්න අකමැති මම එදා හුඟක් වෙලා ෂවර් එක යටට වෙලා හිටියා. අන්තිමට කාමරේට ආවහම හිතට ආපු හොඳම විසඳුම මෙන්තෝල් සිගරට් පෙට්ටිය. අවුරුදු තුනකට පස්සේ දොරත් ලොක් කරගෙන මම පරන පුරුද්දට ආපහු අතගැහුවා. කටෙන් කටෙන් අඳුරු උගුරට ඇතුල් වෙච්ච දුම් උගුර පපුව හරියේ කරක් ගහලා ආපහු නහයෙන් එලියට ආවේ මගේ හිතත් එක්ක හුඟක් දේවල් කතා කරන ගමන්. වෙනදට ඇටකටු වල මැද්දෙන් දැනෙන දාච්ච ගතිය අද නොදැනුනේ ඊට වඩා දන දෙයක් හිත ඇතුලේ තිබ්බ නිසා වෙන්නැති. කොහොමත් ප්‍රශ්නෙන් හිත වෙනින් පැත්තකට ගෙනියපු එක ගැන මම කාලෙකට පස්සේ අතට ගත්තු වස්තුවට ස්තූතිවන්ත උනා.

කොහොමත් සිගරට් එක ඉවර වෙන්න කලින් මේක පුරුද්දකට යාවියි කියලා හිතට ආපු බය ෆිල්ටරේට පොඩ්ඩකට කලින් ඒක නිවන්න සමත් උනා. කවදාවත්ම නැථුව මට සිගරට් එකේ සැපක් දැනුනා. මගේ ප්‍රශ්නේ බෙදාගන්න ගතියක් දැනුනා. කොහොමත් ඒ සැප නිසාම ඇති කරපු බය සැප මරලා දැම්මා. ඒ වෙද්දිත් තාත්තගේ ඔපරේෂන් එකට සල්ලි හොයාගෙන ඉවරයි කියලා ආපු පනිවිඩේ හිතට සැහැල්ලුවක් ගෙනාවා.

කොහොමත් මේ වෙද්දී හිතන්න මට ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙලා තිබ්බා. ඒ තාත්තගේ ප්‍රශ්නෙටත් වඩා මාව බය කරපු පරන කෙල්ලගේ අම්මගෙන් අපේ අම්මට ආපු කෝල් එක. එයාගේ දූ පරන කෙල්ල වෙන්න එකම එක හේතුවක් තිබ්බා. ඒ තමයි එයා. කෙල්ලගේ අම්මා. ඒක මහම මහා නරුම මැදිහත්වීමක්. . .

8 comments:

Il mondo di una povera pazza said...

මට මේ කතාව අමතක වෙලානේ හිටියේ... රචියාගේ මේ ස්ටයිල් එකේ කතා වලට මම බොහොම කැමතියි.

Anonymous said...

හෆොයි, මෙයා සිගරට් ඇදගෙනනෙ. මට නම් බෑ ද්විතීක දුම් පානය කරන කෙනෙක් වෙන්න. මේ හරියම සිගරට් ගඳයි. මම යනවා. ඔයා සිගරට් වලින් ඈත් උනොත් කියවන්න එන්නම් ආපහු.

vimasuma said...

හොදයි

පූසා said...

උඹේ කතා වලට මම කවදත් ආසයි. උඹ ලියන ස්ටයිල් එක.... ඔව් ඒක මගේ බොක්කටම වදිනවා. ටොපියේ උඹ දැන් වැඩිය ලියන්නේ නැති වුනත් ඒකේ තියන උඹේ මැරියන් ගැන කතා ඒ දවස් වල මම පුදුම විදිහට රස වින්දා.
මේ කතාවත් ෆට්ට මචං........

මුචලින්ද said...

Comments on other places:

Hasith Prasanga Athukorala addoo rachiya meke 1 weni kotase thiyena dewal math godak widala thiyna nissa me kathawa mata mara widihata danuna... patta ban...!

@ඇනෝ: ඕක මහ බොරු කමෙන්ට් එකක්!

සද්දයක් දාලා ගිය අනිත් සෙට් එකටත් තැන්කියු වේවා!

Dee said...

කෝ මචන් අනිත් කෑල්ල (තුන්වෙනිකොටස )
ඉක්මනට දාන්න
ඉවසන්න බැ.
මගේ ජීවිතය කියවන කන්
උබ ලිව්වට මේ ලියන්නෙ මO ගැනම තමයි.

RanDil said...

කෝ ඉතිරිය? මෙගාව බඩියක් වුනාවත්ද?

නඟා said...

අනේ මංදා.. හිතා ගන්න බෑ.. රචියා එක දවසක් කාටදෝ ගොඩක් දේවල් කියනව මං අහගෙන හිටියා. එ මට නෙවි වෙන 2න්නෙක්ට. එත් එතන කියපු ගොඩක් දේවල් මෙතන තියනවා. රචිය දිනුම්... ජය වේවා....