එකෝමත්තෙක කාලෙක [3 කොටස]

අන්තිමට ලියපු කොටස

මම ෆේස්බුක් එකෙන් සෙට් කරගත්තු කෑල්ල. ඒක කෑල්ලක්ම තමයි කියලා හිතුනේ කලක් ගිහින් නොගැලපීම් ගොඩක් එද්දියි. ලොකුම නොගැලපීම තිබ්බේ කෙල්ලගේ අම්මගෙත් මගෙත්. පලවෙනි පාරට එහේ ගිහින් එද්දී බස් එකේදි මට කවියකුත් ලියවුනා.


ඒත් ඒක මෙතන දාගන්න පුලුවන් කමක් නැත්තේ ඒකේ තියෙන අමු ගතිය හින්දා. ලියපු කවිය ඒ තරමට ග්‍රාම්‍ය වෙන්න හේතුව උනෙත් ඒ අම්මගේ හැසිරීම තමයි.

අපිට අපේ ආදරේ ඇතුලේ විවේකයක් තිබුනේ නෑ. කොයි වෙලෙත් තිබ්බේ බාධා. අපි ඒ කාලය ඇතුලෙම කොහෙවත් ඇවිදලත් නෑ. කොහෙන්වත් පිට තැනකින් කාලවත් නෑ. බස් එහෙක එකට ගිහින් නෑ. ආශ්‍රය කරන්න ගෙදර යන්න උනා. අම්මා ඉස්සරහ ඉඳන් ලව් කරන්න උනා. ඔක්කොම ප්‍රශ්න කතා උනේ අම්මයි මායි අතර. කෙල්ල කරේ අඬපු එක විතරයි. ඒ ඇඬිලි අපේ සංවාද නැගලා යන්න හේතුවකුත් උනා. මම බොන එක ගැන, මගෙයි වෙනින් කෙල්ලොන්ගෙයි සම්බන්ධ ගැන, මම ලියන දේවල් ගැණ ඔක්කොම ප්‍රශ්න කිරීම් කෑල්ලගෙ අම්මා බාර ගත්තා. මම ඒවට දෙන උත්තර අහලා කෙල්ල ඇඬුවා.

හැබැයි හැමදාම අම්මා එහාට මෙහාට වෙනකං ඉඳලා ඇඳ උඩ දඟලපු එක විතරක් ධන හේතුවකට තිබුනා. ඔය ඔක්කොම මගේම මෝඩකං . මගේ ගෑනි එතකොට මට ආදරෙයි නොකියපු නිසා, ඒකේ පලියට මම සෙට් කරගත්තු කෑල්ල විනාසයක් උනා. ඒ නිසයි මම ඒකට කෑල්ල කියන්නෙත්, දැන් කෙනාට ගෑනි කියන්නෙත්. මගේ ගෑනි මට ප'ෆෙක්ට්. ඒත් කලින් ආදරේ ඇතුලේ අන්තරස්දාන වෙච්ච අත්‍යාවශ්‍ය ආදර උපාංග තිබුනා. ඒ ආදරේ ඇතුලේ හැමදාමත් සෙක්ස් පලවෙනි තැන උනා. හැමදාම අම්මා උයන්න කුස්සියට යනකං අපි බලාගෙන හිටියේ අපේ පෞද්ගලික දෙයක් කතා කරන්න නෙමෙයි; උඩ තිබිච්ච කාමරේට දුවාගන්න. ඒ ඒ ආදරයන් ඇතුලේ සිහිවටන වගේම අත්දැකීම් තොගයක් අපිට ඉතුරු කරනවා. එනිසා මම මගේ පරන ආදර කතා වලටත් කැමතියි. මොකද ඒ ආදරයන් මගේ වර්තමාන ජීවිතේ බොහෝ වෙලාවට හරිගස්සනවා. මම ඒ දවස් වල ටිකක් වැඩි පුර බිව්වා. ඒ කෙල්ලගේ අම්මට පේන්න. මම බීලා දාපු පින්තූර කෙල්ල කෙල්ලගේ අම්මට පෙන්නුවා. ඒවා දැකපු අම්මා මම එහේ ගියාම නාහෙන් ඇඬුවා. මම ඔහේ උඩ බලාගෙන හිටියා. මට එක ප්‍රශ්නයක් තිබ්බා. මගේ හැමදාමත් තිබ්බේ එකම වැරදි ටික. ඒ අම්මා මගෙන් හැමදාමත් ඇහුවෙත් ඒ වැරදි ටික. මම හැමදාම ඒවට දුන්නෙත් එකම උත්තර ටික. ඒත් ආපහු ආපහුත් එයා මගෙන් ඇහුවේ ඒ ප්‍රශ්න ටික. එනිසා ඒක මට හිතන්න තරමට ප්‍රශ්නයක් උනා. මම කලින් උත්තර දීපු ප්‍රශ්න මේ අම්මා ලැජ්ජාවක් නැතුව ආපහු මගෙන් අහද්දි මම උඩ බලාගෙන හිටියා. අන්තිම කාලෙ වෙද්දි මම උඩ බලාගෙන ඉන්න එකටත් ඒ කෙල්ල ඇඬුවා.

ඒත් හොඳ ගතිගුණ බොහෝමයක් ඒ කෙල්ලගේ තිබුනා. මගේ ගෑනිට පාඩක් උගන්නන්න ඕනකමට වචනයක් දැම්මත්, මගේ හිතේ කැමත්තක් ඇති කරන්න ඒ කෙල්ල සමත් උනා. හැම දේකටම හුඟක් උනන්දුවක් තිබුනා. ඉගෙනගන්න එක ගැන, මගේ ගැන, ගෙදර දොර වැඩ ගැන ඔය කියන හැම දෙයක්ම. එහෙම බැළුවොත් ඒ සම්බන්ධෙට තිබිච්ච ලොකුම නොගැලපීම උනේ නැන්දම්මා. ඔය ඔක්කොම කොහෙන් කෙලවර උනත් මම ඇත්තටම ඒ කෙල්ලට කැමතියි කෙල්ලෙක් විදිහට.

අද වෙද්දි මගේ ආදරේ ඉතාමත්ම හොඳට ගලාගෙන ගියාට, මම දෙවනි කොටසෙන් කියවලා නවත්තපු කාලෙ වෙද්දි මගේ ආදර කතාව හුඟක් හැල හැප්පීම් වලා තිබුනා. ඒ කතාව අද දවසෙදි ඉස්සරහට ගෙනියන්න බැරි උනත්, අද දවසට වෙන් කරපු ඉඩ අපතේ නොගියයි කියලා හිතනවා. එදා කතාව ඉවර කරවපු ඔය කියන නැන්දම්මා අම්මා අතර කෝල් එක ඉවර උනේ, අපේ සම්බන්ධෙත් නවත්තන ගමන්. නැන්දම්මගෙන් අපේ අම්මට එල්ල වුනු පුතාගේ අරක්කු චෝදනා සහ ගෑනු චෝදනා, අපේ අම්මා එලෙසම පිලිගත්තු එක නැන්දම්මට අවුල් ගිහින් තිබුනා. හරිම සරලයි. ඒ කෙල්ලත් මමත්, කසාද බැඳලත් නෑ.. අනික අරක්කු ටිකක් බිව්ව්වට බේබද්දෙක් වෙන්නෙත් නෑ.. ඒවා එතනින් ඉවර උනත් මගේ ගෑනීගේ තාත්තගේ ඔපරේෂන් එකත් සහ අපේ විභාගත් ඇතුලේ අපි හුඟක් වැටිලා හිටියා. ඒ දේ ඊලඟ කොටසෙන් එලියට ඒවි.

4 comments:

Lishan Puwakovitage said...

බොන එකයි බොන්න එපා කියන එකයි දෙකක්. මේ හින්දා.., බොන ඔක්කොම බේබදු කැටගරියට දානවා නම් ඒක එහේම කියන එකාගේ ගොන්කම.., මොකද බීම කියන්නේ ආට් එකක් නිසා.., හැමදේම තියෙන්නේ විඳින්න.., විඳවන්න නෙවී.., ඒ නිසා කොල්ලෙක් විදියට උඹ විඳලා තියෙන ටිකයි, ඒ ටික විඳලා තියෙන විදියයි මරු.., මොකද අතීතය ගැන හිතලා අවංකව සතුටු වෙන්න පුලුවන් අය හරිම අඩු නිසා.., ඒ කොටසේ මම නැති බව මම දන්න නිසා..!
ජය!

RanDil said...

ම්ම්............. ඉතිං ඊට පස්සේ.......... බොහොම කැමැත්තෙන් ඉන්නේ ඉතිරියත් දැනගන්න..........

Randika Sedara said...

ලිශාන්ගෙ කතාව හා එකගයි.. අතීතය ගැන හිතලා සතුටුවෙන්න පුලුවන් අය අඩුයි! ජීවිතේ විදින්න අත්දැකීම් ලබා ගන්න ඕනෙ.. හැබැයි ඔය විදීමත් විදවීමත් අතර ඇත්තෙ කෙස්ගහක වෙනසක්...

රවා said...

අම්මට කියපන්.. මුච් මුච්..
අම්මෙ අරක්කු නරක නැහැ...
නරක කෙනෙක්ගෙ ඇතුලට අරක්කු වැටුනොත් නරකක් වෙන්නෙ..
හොද කෙනෙක්ගෙ ඇතුලට අරක්කු වැටුනොත් හොදක් වෙන්නෙ කියලා...

බුදුහාමුදුරුවො කිව්වෙ පරක්කු වෙන්න එපා කියලා විතරයි.. දැන් නම් කොච්චර වුණත් පරක්කුයි මුචා..